ලක්ෂ 12 ක මත්කුඩු ගල්කිස්සෙන් අල්ලයි

ගල්කිස්ස සයුරු පුර මහල් නිවාස සංකීර්ණය අසළ දී රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (20) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

එම සැකකරුවන් දෙදෙනා සමඟ මත්කුඩු ග්‍රෑම් 60 ක් පොලිසිය බාරයට ගෙන ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 31 හා 33 අතර පසුවන්නන්ය.

The post ලක්ෂ 12 ක මත්කුඩු ගල්කිස්සෙන් අල්ලයි appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

30 Views