රිෂාඩ් බදියුදීන් මීගමුව බන්ධනාගාරයට

මාධ්‍යවේදියා ::

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් නිරෝධයනය සඳහා යොමු කර තිබේ.

ඒ සඳහා ඔහු මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයට ඊයේ රාත‍්‍රියේම මාරු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසයි.

බන්ධනාගාර ගත වන සියලූ‍ රැඳවියන් දින 14ක් නිරෝධායනයට ලක් කෙරෙන අතර රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් රඳවා තැබිය යුත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයේයි.

කොළඹ බන්ධනාගාරවල රඳවා තැබෙන රැඳවියන් දින 14 ක නිරෝධායනයට යොමු කරනු ලබන්නේ, මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේයි.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ද පල්ලන්සේන බන්ධනාගාරයට යොමු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය කියාසිටියි.

එම බන්ධනාගාරයේ වෙනම සිර මැදිරියක විශේෂ ආරක්ෂාවක් යටතේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

The post රිෂාඩ් බදියුදීන් මීගමුව බන්ධනාගාරයට appeared first on මාධ්‍යවේදියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

26 Views