රිෂාඩ්ට දැන් තියෙන්නේ ස්ත්‍රී දූෂකයකුට කෙසෙල් කැනක් කැපුවා ​කියනව වගේ ​චෝදනාවක්

පොලිස් කණ්ඩායම් හයක් යොදවා හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගත් මේ අවස්ථාව්දීම පාස්කු ප්‍රහාරයට ඔහුගේ ඇති සම්බන්ධය පිළිබඳවත් විධිමත් පරීක්ෂණයක් සිදු කොට නීතිය ක්‍රියාත්මක කරන ලෙසට වගකිවයුත්තන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන සංවිධායක හිටපු ඇමැති ජයන්ත සමරවීර පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (19දා) එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමැතිවරයා මෙසේද පැවසීය.

අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියෙන් ලංගමයට මුදල් ගෙව්වා කියන රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවට රිෂාඩ්ව අත්අඩංගුවට ගන්නවා. නමුත් රිෂාඩ්ට එල්ල වූ ප්‍රධාන සාක්ෂි සහිත චෝදනාව තමයි පාස්කු ඉරිදා ප්‍රහාරයේදී ඊට අදාළ ඝාතනයන් සමග සහ ඉස්ලාම් අන්තවාදී සංවිධාන ජාලයක් සමග ගනුදෙනු කිරීම. ඒ විතරක් නෙවෙයි ඔවුන්ට උදව් උපකාර කිරීම. මහේෂ් සේනානායක හිටපු හමුදාපතිවරයාම කිව්වා ඔහු සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ පවුලේ උදවිය සම්බන්ධයෙන් හමුදාපතිවරයාට කිහිපවතාවක්ම දුරකථන ඇමතුම් ලබාදුන්නා කියලා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සැලසුමේ සිට ක්‍රියාත්මක කිරීම දක්වාත්, අන්තවාදය මෙරට පැතිරවීමට ක්‍රියා කළ නායකයෙක් ලෙසත් රිෂාඩ් සම්බන්ධ බව කිහිපවරක්ම ආරක්ෂක අංශ පෙන්වා දුන්නා. මොහු පාස්කු ප්‍රහාරයට සෘජුවම වග කිව යුතුයි. මේ මහා මිනිස් ඝාතකයා රිෂාඩ් කියලා මේ රටේ ජනතාව තුළ සැකයක් තියෙනවා. මැල්කම් රංජිත් කාදිනල් තුමාට පවා මේ ගැන සැකයක් තියෙනවා. නමුත් ඊයේ ඔහු අත්අඩංගුවට ගන්නේ ලංගම බස් රථ කතාවක් කියලා. ඒක නිකන් ස්ත්‍රී දූෂකයකුට කෙහෙල් කැනක් කැපුව කියලා චෝදනා කරනවා වගේ දෙයක්. පාස්කු ප්‍රහාරය වැනි සංහාරයක් කරපු රිෂාඩ්ලට නිකම්ම ගැලවිලා යන්න දෙන්න බෑ.

මේ වරදකරුවන්ට දඬුවම් පමුණුවයි කියන විශ්වාසයෙන් හැට නව ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඡන්දෙ දුන්නෙ. ඒ අයට නීතියෙන් ලිස්සලා යන්න දෙන්න නෙවෙයි. අපට දැනෙන විදියට මුස්ලිම් අන්තවාදීන් ක්‍රියාත්මක වුණේ මුළු රාජ්‍ය බලයම අල්ලගන්න. දැන් ඒකට ඉඩ නැති නිසා ඔවුන්ගේ ගෝලබාලයන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. අපි ඒ අයට මේ ආණ්ඩුවට එන්න ඉඩ දෙන්නෙ නෑ.

54 total views, 54 views today

The post රිෂාඩ්ට දැන් තියෙන්නේ ස්ත්‍රී දූෂකයකුට කෙසෙල් කැනක් කැපුවා ​කියනව වගේ ​චෝදනාවක් appeared first on .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

45 Views