රිෂාඩ්ගේ පෙත්සම කල් යයි
මාධ්‍යවේදියා ::
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම නොවැම්බර් මස 06 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
මෙම පෙත්සම අද (20) කුමුදුනි වික්‍රමසිංහ සහ සෝභිත රාජකරුණා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාට මේ ආකාරයෙන් උපදෙස් ලබා දීමට බලයක් නොමැති බව පෙන්වා දුන්නේය.
The post රිෂාඩ්ගේ පෙත්සම කල් යයි appeared first on මාධ්‍යවේදියා.