රිමාන්ඩ් කළ රිෂාඩ්, පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන්, මීගමුව – පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය සඳහන් කරනවා

එමෙන්ම, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම අද සලකා බැලීමට නියමිතයි.

දින 6ක් පුරා පොලීසිය මඟ හරිමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඊයේ අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ දෙහිවල – එබනයිසර් මාර්ගයේ පිහිටි මහල් නිවාසයක සැඟව සිටියදියි.

මෙහිදී ඔහුට ගත වූ දින කිහිපය තුළ සැඟව සිටීමට ආධාර අනුබල දුන් වෛද්‍යවරියක් ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් දින 14ක් ඇතුළත විමර්ශන වාර්තාවක් ලබාදෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

The post රිමාන්ඩ් කළ රිෂාඩ්, පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයට appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

25 Views