මෙරට වගාකළ හැකි කිසිදු බෝගයක් විදේශයෙන් ගෙන්වන්න අදහසක් නැහැ -බැසිල් රාජපක්ෂ

මෙරට වගාකළ හැකි කිසිදු බෝගයක් විදේශයෙන් ගෙන්වීමේ අදහසක් වත්මන් රජයට නැතැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩපිළිවෙල සඳහා පලාත් සභාවල දායකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරු ඇතුළු පළාත් සභාවල සියලුම ලේකම්වරුන් සමඟ අරලියගහ මන්දිරයේ දී අද (20) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

කොරෝනා උවදුරට මුළු ලොවම මුහුණ දී සිටින අවස්ථාවක දේශීය ගොවිතැන හා නිෂ්පාදන කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීම මඟින් දේශීය ගොවියාට මෙන්ම නිෂ්පාදකයාටත් සාධාරණ මිලක් ලබාදෙන අතරේ පාරිභෝගිකයින්ට ද සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීමේ අවකාශය සැලසීමේ හැකියාව ලැබෙන බවයි බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ.

ඒ සඳහා දේශීය ගොවියා සහ නිෂ්පාදකයා දිරිගැන්විය යුතුව තිබෙන අතර දේශීය ගොවියා සහ නිෂ්පාදකයින් දිරි ගැන්වීම සඳහා මෙරට අපනයන ව්‍යාපාරිකයින් සහ පුද්ගලික අංශයේ දායකත්වය ලබාදීමට එකඟ වී ඇතැයි ද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

The post මෙරට වගාකළ හැකි කිසිදු බෝගයක් විදේශයෙන් ගෙන්වන්න අදහසක් නැහැ -බැසිල් රාජපක්ෂ appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

25 Views