මුරලිගේ ඉල්ලීම පිළිගෙන විජේ සේතුපති “800” චිත්‍රපටයෙන් ඉවත්වෙයි

ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ චරිතය අළලා ඉන්දියාවේදී නිෂ්පාදනය කිරීමට සූදානම් වූ ‘800’ චිත්‍රපටයේ මුරලිගේ චරිතයට රඟපෑමට නියමිතව සිටි සුපිරි නළු විජේ සේතුපති ඉන් ඉවත්ව තිබේ.

ඒ මුරලි ඔහුගෙන් කළ ඉල්ලීමක් අනුවය. මෙම චිත්‍රපටය තුළ විජේ සේතුපති රඟපෑම සම්බන්ධයෙන් තමිල්නාඩු දේශපාලඥයින්, සිනමාවට සම්බන්ධ පාර්ශ්ව මෙන්ම ඇතැම් තමිල්නාඩු වැසියන් විරෝධය දැක්වීය.

මුරලි විජේ සේතුපතිට යොමුකළ ලිපියක සඳහන්ව ඇත්තේ තමන් නිසා ඉහළ පෙළේ කලාකරුවෙකු පීඩාවට පත්වීම තමන් අපේක්ෂා නොකරන බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

29 Views