මිනුවන්ගොඩ ආසාදිතයාට රෝගය හැදුනේ කොහොමද කියලා ඉදිරියේදී කියනවා

මිනුවන්ගොඩින් හමුවූ පළමු කෝවිඩ් 19 රෝගියාට එය ආසාදනය වූයේ කෙසේද යන්න පිළිබදව මේ වන විට පරීක්ෂණ සිදු කරන බවත් ඒ සම්බන්දයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) දින පාර්ලිමේන්තුවේදී 27/2 යටතේ යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරිය මේ බව සදහක් කරන ලදි.

“මිනුවන්ගොඩ ආශ්‍රිතව පළමු රෝගියා වාර්තා වන්නේ පසුගිය ඔක්තෝම්බර් 03 වැනිදා.එය සෞඛ්‍ය අමාත්‍යාංශය නිළ වශයෙන් 4 වැනිදා ප්‍රකාශයට පත් කළා.විපක්ෂනායකවරයා ඇහුවා මේ රෝගියා වාර්තා වුණාම ඒ රෝගියාට එම රෝගය ආවේ කොහොමද කියලා ආණ්ඩුව මේ වෙනකන් උත්තරයක් ලබා දුන්නේ නැත්තේ ඇයි කියලා.අපි පළමුවෙන්ම කටයුතු කළේ කාරණා දෙකක් ඔස්සේ.එකක් මේ රෝගය වාර්තා වුනේ කොහොමද කියන එක ගැන අපි පරීක්ෂන පටන් ගත්තා.

ඒ වගේම මේ රෝගියා දැන ගත් වහාම ක්ෂනිකව අපි ගත්ත පියවර තමයි මෙම රෝගය බෝ වීම වැලැක්වීම සදහා මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සිටිය 1500ක් වන සේවකයින් වහාම නිරෝධායන මධ්‍යස්තාන වෙත ගෙනයාමත් ඒ වගේම ඒ සියල්ලන්ම කඩිනමින් පී.සී.ආර් පරීක්ෂණ වලට යොමු කිරීමත් සිදු කළා.

ඒ නිසා මේ වන විටත් අපි සොයමින් සිටිනවා. ඒ සදහා අවශ්‍ය තොරතුරු සහ දත්ත අපිට ලැබෙමින් පවතිනවා.නමුත් මිනුවන්ගොඩ පළමු රෝගියාට රෝගය ආවේ කොහොමද කියන එක ගැන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරනකොට වගකීමෙන් කළ යුතු නිසා අපි ටික කාලයක් ඉල්ලා සිටිනවා අපිට ලැබී තිබෙන තොරතුරු නිවැරදි වශයෙන්ම තහවුරු කර ගැනීමෙන් පසු පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන්න.” යැයි සදහන් කරන ලදි.

The post මිනුවන්ගොඩ ආසාදිතයාට රෝගය හැදුනේ කොහොමද කියලා ඉදිරියේදී කියනවා appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

32 Views