මාකදුරේ මදූෂ් මරා දමයි.

මාකදුරේ මදූෂ් මරා දමයි.

පාතාල කල්ලි නායක මාකදුරේ මදූෂ් වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් තිබේ.
මාළිගාවත්ත නිවාස සංකීර්ණයේ දී, පාතාල කල්ලියක් සහ පොලීසිය අතර සිදු වූ වෙඩි හුවමාරුවක දී මෙම ඝාතනය සිදුව ඇති බව වාර්තා වේ.
මාකදුරේ මදූෂ් කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ සිටිය දී ය.

මාකදුරේ මදූෂ් වසර එක හමාරක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රදවාගෙන ප්‍රශ්න කරමින් සිටියේ ය.

කොළඹ අපරාධ කොට්ඨාශය ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ, මාකදුරේ මදූෂ් බොහෝ තොරතුරු හෙළිදරව් කර ඇති බව ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුණි. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ඉහළ පෙලේ දේශපාලඥයන් සහ ව්‍යාපාරිකයන්ගේ නම් පවා හෙළිදරව් කිරීමට මාකදුරේ මදූෂ් සූදානමින් සිට ඇති බව පැවසේ.

කෙසේ වෙතත්, මෙවැනි ඉරණමකට ඔහු ගොදුරු වීමේ ඉඩ හැකියාවක් ඇති බව – ඔහු මිය යන්නට දිනකට පෙර ද ලීඩර් the leader.lk වෙබ් අඩවිය වාර්තා කර තිබීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

33 Views