මාකදුරේ මධුෂ් පොලිස් වෙඩි පහරින් මරුට… ආයුද පෙන්වන්න ගිහින් පොලිසියට වෙඩි තබලා..

මෙරට මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ් පොලිසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවේදී මරණයට පත් ව තිබේ.

සගවා තිබූ මත්ද‍්‍රව්‍ය සහ ආයුද පෙන්වීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීන්ට ඔහු විසින් වෙඩි තබා තැබූ බවත් ඉන් පසුව පොලිසිය විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් ඔහු මියගිය බවත් පොලිසිය සඳහන් කරයි.

වෙඩි හුවමාරුව නිසා පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් රෝහල් ගත කර ඇත.

වෙඩි වැදුනු මාකඳුරේ මධූෂ් තුවාල ලැබීමෙන් පසු මරණයට පත්වූ බව පොලීසිය සඳහන් කරයි.

එම ස්ථානයේ තිබී රුපියල් කෝටි 22ක් පමණ වටිනා මත් ද්‍රව්‍ය කිලෝ 22ක් සොයාගෙන තිබේ. ගිනි අවි දෙකක් හා යතුරු පැදියක්ද එහි තිබී සොයාගෙන ඇත.

The post මාකදුරේ මධුෂ් පොලිස් වෙඩි පහරින් මරුට… ආයුද පෙන්වන්න ගිහින් පොලිසියට වෙඩි තබලා.. appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

30 Views