මාකදුරේ මධුෂ්ට සාධාරණය ඉටු වුනේ නෑ.. අද මහ පාරේ මැරෙන තැනට පත්වෙලා.. මේක ලංකාවට කැලලක්..

ඕනෑම සැකකරුවෙකුට නීතිය හමුවට ගොස් සාධාරණය ඉල්ලා සිටීමේ අයිතියක් ඇති නමුත් මා කදුරේ මදුෂ්ට ඒ අයිතිය ලැබී නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

එක රටක් එක නීතියක් යන සංකල්පය අද වන විට වචනයට පමණක් සීමා විදිය ඇති බවද ඔහු පෙන්වා දෙයි.

අද මෙරට මිනිස්සුන්ට යුක්තිය උතුම් නොවන බවත් නැවතත් මහ පාරේ මැරුම් කෑමට සිදුවන යුගයක් උදා වී ඇති බවත් ඔහු කියා සිටියේය.

එවන් සිදුවීම් නිසා ශ්‍රී ලංකාවේ නමට ලෝකය හමුවේ කැල්ලක් සිදුවන බවද මන්ත්‍රීවරයා පැවසීය.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

The post මාකදුරේ මධුෂ්ට සාධාරණය ඉටු වුනේ නෑ.. අද මහ පාරේ මැරෙන තැනට පත්වෙලා.. මේක ලංකාවට කැලලක්.. appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 Views