බදියුදීන්ගේ පෙත්සම කල්යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ලබන මස 06 වනදා දැනුම් දෙන බව අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ, මෙම පෙත්සම කුමුදුනී වික්‍රමසිංහ සහ සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබූ අවස්ථාවේදියි.

එහිදී පෙත්සම්කාර රිෂාඩ් බදියුදින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මේ වනවිටත් සිය සේවාදායකයා අත්අඩංගුවට ගෙන ඇති බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඔහුගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවයි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නොවැම්බර් මස 06 වනදා මෙම පෙත්සම කැඳවීමට නියම කළ අතර එදිනට පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයේ ස්ථාවරය දැනුම් දෙන ලෙසද නියෝග කළා.

The post බදියුදීන්ගේ පෙත්සම කල්යයි appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

26 Views