පොලිසිය සමග වෙඩි හුවමාරුවකින් ‘මාකඳුරේ මදූෂ්’ මරුට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් ‘මාකඳුරේ මධූෂ්’ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සහ පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණය අසළ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

කොළඹ අපරාධ කොට්ඨාසයට භාරයේ පසුවන ‘මාකඳුරේ මධූෂ්’ පොලීසියේ අනුදැනුම මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකට දුරකථන ඇමතුමක් ලබාදී මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණය අසළට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේ.

පොලීසිය සමඟ එම ස්ථානයට ගිය අවස්ථාවේදී අදාළ ජාවාරම්කරුවන් මධුෂ් බේරා ගැනීම සඳහා පොලීසිය දෙසට වෙඩි තබා තිබෙනවා.

එම වෙඩි තැබීමත් සමඟ පොලීසිය ද ඔවුන් දෙසට වෙඩි තබා ඇති අතර සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

සිද්ධිය වූ ස්ථානයේ තිබී රුපියල් කෝටි 22ක් වටිනා හෙරොයින් කිලෝ 22ක්, මෙම ජාවාරම්කරුවන් රැගෙන ආ පිස්තෝල දෙකක් සහ මොවුන් පැමිණි යතුරුපැදියක් ද සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ.

වසර ගණනාවක් ඩුබායිහි රැඳී සිටි මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි මෙහෙයුමකින් අනතුරුව 2019 මැයි මාසයේ දී මෙරටට රැගෙන එන ලදි.

The post පොලිසිය සමග වෙඩි හුවමාරුවකින් ‘මාකඳුරේ මදූෂ්’ මරුට appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

33 Views