පොම්පියෝ 28 වැනිදා ශ්‍රී ලංකාවට

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලබන 28 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

ඒ කොළඹදී පැවැත්වීමට නියමිත ද්විපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගිවීම සදහාය.

මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් අතරතුරය.

ඒ පිළිබදව මේ වන විට පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවේදී ද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළේය.

The post පොම්පියෝ 28 වැනිදා ශ්‍රී ලංකාවට appeared first on Aruna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

28 Views