පාකිස්තානු T20 සහ ODI සංචිතයෙන් ප්‍රබලයින් කිහිපයක් හැලෙයි

Pakistan Cricket

මේ මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත සිම්බාබ්වේ කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය සඳහා සහභාගී වනු ලබන පාකිස්තානු එක්දින සහ විස්සයි විස්ස අපේක්ෂිත සංචිතය ඊයේ (20) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදි. ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ ප්‍රධාන තේරීම් කමිටු සාමාජික මිස්බා උල් හක් විසිනි.

සංචිත සඳහා ක්‍රීඩකයින් 22ක් ඇතුළත් අතර ජාත්‍යන්තර වරම් දිනානොගත් අබ්දුල්ලා ෂෆීක් ද ඒ අතර සිටියි. ශොයිබ් මලික්, සෆ්රාස් අහමඩ් සහ මොහොමඩ් අමීර් වැනි ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක් මේ සංචිත සඳහා ඇතුළත්ව නොමැත.

පාකිස්තානු වේගපන්දු යවන ක්‍රීඩකයින් වන හසන් අලී සහ නසීම් ශා මේ තේරීම් කටයුතු සඳහා අදාළ කරගෙන නොමැත්තේ ඔවුන් ආබාධවලින් පසුවන නිසාවෙන් බව මිස්බා මාධ්‍ය හමුවේ දී අනාවරණය කරන ලදි.

තවත් ක්‍රිකට් පුවත්

පාකිස්තානය ගෙවී ගිය වසරක කාලයක් තිස්සේ සිය රට තුල එක්දින ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නොමැති අතර ඔවුන් අවසන් වරට සිය රටේ දී එක්දින තරගාවලියක් ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාව සමඟයි. ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපිරි ලීගයේ තරගාවලියක් වන මෙහි එක්දින තරග තුන කණ්ඩායම් දෙකටම ඉතාමත් වැදගත් වන අතර මේ කණ්ඩායම් දෙකේම ආරම්භක තරගාවලිය මෙය වනු ඇත. 

ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපිරි ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ දැනට ඉදිරියෙන් පසුවන්නේ එංගලන්තය වන අතර එහි දෙවන තැන පසුවන්නේ ඕස්ට්‍රේලියාවයි. මේ ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපිරි ලීගය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 8 අතරට පැමිණෙන කණ්ඩායම් 2023 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝකස් කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගන්නා අතර ඒ තරගාවලිය සඳහා සත්කාරකත්වය දරන ඉන්දියාව නිතරගයෙන් 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගෙන තිබේ.

පාකිස්තානු විස්සයි විස්ස සහ එක්දින සංචිතය – බාබර් අසාම් (නායක), ශදාබ් ඛාන් (උප නායක), අබ්දුල්ලා ෂෆීක්, අබීඩ් අලි, ෆහීම් අෂ්රෆ්, ෆකාර් සමන්, හයිඩර් අලි, හැරිස් රවුෆ්, හැරිස් සොහෙයිල්, ඉෆ්තිකාර් අහමඩ්, ඉමාඩ් වසීම්, ඉමාම් උල් හක්, කුෂ්ඩිල් ෂා, මොහොමඩ් හෆීස්, මොහොමඩ් හස්නේන්, මොහොමඩ් රිස්වාන්, මූසා ඛාන්, රොහයිල් නසීර්, ශහීන් ෂා අෆ්රිඩි, උස්මාන් කාදීර්, වහබ් රියාස්, සාෆර් ගොහාර්

තරග කාලසටහන:

  • ඔක්තෝබර් 30 – පළමු එක්දින තරගය – රාවල්පින්ඩි හිදී
  • නොවැම්බර් 1 – දෙවැනි එක්දින තරගය – රාවල්පින්ඩි හිදී
  • නොවැම්බර් 3 – තුන්වැනි එක්දින තරගය – රාවල්පින්ඩි හිදී
  • නොවැම්බර් 7 – පළමු විස්සයි විස්ස තරගය – ලාහෝර් හිදී
  • නොවැම්බර්  8 – දෙවන විස්සයි විස්ස තරගය – ලාහෝර් හිදී
  • නොවැම්බර් 10 – තුන්වැනි විස්සයි විස්ස තරගය – ලාහෝර් හිදී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

The post පාකිස්තානු T20 සහ ODI සංචිතයෙන් ප්‍රබලයින් කිහිපයක් හැලෙයි appeared first on ThePapare.com.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

35 Views