නැව් තටාකාංගනයේ කොවිඩ් ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් මට්ටක්කුලියෙන්

කොළඹ වරාය නැව් තටාකාංගනයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 18 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ නව ආසාදිතයින් හයදෙනෙකු අලුතින් හඳුනාගැනීමත් සමගයි.

ඔවුන් බ්ලුමැන්ඩල් පාර නේවාසිකාගාරයේ සිටි අය වන අතර රාගම, මතුගම, වෙන්නප්පුව, ගාල්ල, මීගමුව සහ මාතර මුලටියන යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 20 දෙනෙකු යාපනය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

නැව් තටාකාංගනයෙන් මෙතෙක් හඳුනාගත් ආසාදිතයින් 18 දෙනා අතරින් 9 දෙනෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

නැව් තටාකාංගනයේ සේවයේ නිරතව සිටීම හේතුවෙන් නිවසේ ස්වයං නිරෝධායනයට යොමු කර සිටි හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ අයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බව හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්ෂ්මන් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි.

අදාළ පුද්ගලයා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කිරීමට ඊයේ (19) රාත්‍රියේ පියවර ගැණුනි.

ඔහු ගමන් කර තිබූ පහත්ගම ප්‍රදේශයේ වෙළෙඳසල් කිහිපයක් වසා දමා එහි සේවකයින් නිරෝධායනයට යොමු කෙරුණු අතර ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

The post නැව් තටාකාංගනයේ කොවිඩ් ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් මට්ටක්කුලියෙන් appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

52 Views