ධනංජයට සැත්කමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ අතෙහි හටගත් ආබාධයක් හේතුවෙන් පසුගියදා (18) සැත්කමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පසුගිය වසරේ සිට ඔහුගේ අතෙහි මැණික් කටුවෙහි මෙම ආබාධය තිබූ නමුත් ආකෘති තුන යටතේම (ටෙස්ට්, එක්දින සහ විස්සයි-20) ඔහු ක්‍රීඩා කරන බැවින් එම ශල්‍යකර්මය පසුවට කල් දමා තිබුණා.

කෙසේ වෙතත් මේ වනවිට ක්‍රිකට් තරගවලට විවේකයක් ඇතිවී තිබෙන බැවින් ඔහු මෙම ශල්‍ය කර්මයට භාජන වී ඇති අතර, සතියක පමණ කාලයකින් අනතුරුව නැවතත් ඔහුට ක්‍රීඩා කිරීමට හැකියාව පවතින බවද වාර්තා වනවා.

The post ධනංජයට සැත්කමක් appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

41 Views