තවත් ආසාදිතයන් 17 දෙනෙක් සුවය ලබයි

කොරෝනා රෝගීන් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ දිවයිනේ රෝහල් හයකින් එම රෝගීන් 17 දෙනා සුවය ලබා පිටව ගොස් ඇති බවයි.

ඒ අනුව ජාතික බෝවන රෝග විද්‍යාතනයෙන් රෝගීන් 7 දෙනෙක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් රෝගීන් 7 දෙනෙක්ද සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විදේශිකයකු ඇතුළු රෝගීන් දෙදෙනෙකු සහ මුල්ලේරියාව, තෙල්දෙණිය සහ ගල්ගමුව යන මූලික රෝහල්වලින් ආසාදිතයන් ඒක් අයෙකු බැගින්ද සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ් අනුව සුවය ලැබූ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 3,457ක්

The post තවත් ආසාදිතයන් 17 දෙනෙක් සුවය ලබයි appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

36 Views