කොවිඩ් මුවාවෙන් පෞද්ගලික දත්ත රැස්කිරීම ගැටලුවක්

කොවිඩ්වලට මුවාවී ඇතැම් වෙළෙඳ ව්‍යාපාර මේ දිනවල පාරිභෝගිකයාගේ පෞද්ගලික දත්ත රැස්කිරීම භයානක තත්ත්වයක් බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් විසින් නිකුත් කළ නිවේදනයක මෙසේ දැක්වේ.

කොවිඩ් වයිරස තත්ත්වය යළි මතුවීම හේතුවෙන් වෙළෙඳ ව්‍යාපාර බොහොමයක් සිය ආයතන වෙත පිවිසෙන පාරිභෝගිකයන්ගේ දත්ත රැස් කිරීමක් සිදුකරයි. දත්ත ආරක්ෂණ පනතක් නොමැති, ව්‍යවස්ථාව මගින් පෞද්ගලිකත්වයට ඇති අයිතිය මූලික මානව අයිතිවාසිකමක් ලෙස හඳුනා නොගත් අවස්ථාවක මෙසේ කොවිඩ් වයිරසයට මුවාවී යම් පාර්ශ්ව සිදුකරගෙන යන දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් භයානක බව අප දකින්නෙමු.

මෙම පාර්ශ්ව රැස් කරගනු ලබන පෞද්ගලික දත්ත අනතුරේ වැටුණහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ලබාගැනීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන නොමැති බැවින් මහජනයා තවත් ගැටලුවකට මුහුණපානු ඇත.

මේ හේතුවෙන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පෞද්ගලිකත්වයට ඇති අයිතිය මූලික මානව හිමිකමක් ලෙස පිළිගැනීමට රජයේ අවධානය වහාම යොමුවිය යුතු යැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අපි රජයට අවධාරණය කරමු.

52 total views, 52 views today

The post කොවිඩ් මුවාවෙන් පෞද්ගලික දත්ත රැස්කිරීම ගැටලුවක් appeared first on .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

42 Views