කොරෝනා දෙවැනි රැල්ල ඇති වුනේ බ‍්‍රැන්ඩික්ස් නරුමකම නිසා..- විමල්

මෙරට තුළ කොරෝනා දෙවෙනි රැල්ලක් ඇති වූයේ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ආයතනයේ තිබූ නොසැලකිල්ල සහ නරුමකම නිසා බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

එම ආයතනය පාලන අධිකාරිය සහ වෛද්‍යවරුන් මෙය රෝගය සම්බන්ධයෙන් දැක්වූ නොසලකිල්ල හේතුවෙන් මෙම කොරොනා දෙවැනි රැල්ල සැලකිය යුතු ව්‍යාප්තියක් වන තුරු හඳුනා ගැනීමට නොහැකි වූ බව ද ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනිය සමග පැවති සලකුණ වැඩසටහනට එක්වෙමිනි.

මෙරට කොරෝනා වෛසරය සම්පූර්ණයෙන්ම අවසන් යයි කිසිම අවස්ථාවක රජය විසින් ප‍්‍රකාශ කර නැති බවත් පාලනය කරන ලද බව පමණක් පවසා ඇති බවත් ඔහු එහිදී පැවසීය.

The post කොරෝනා දෙවැනි රැල්ල ඇති වුනේ බ‍්‍රැන්ඩික්ස් නරුමකම නිසා..- විමල් appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

33 Views