කොටුව පොලිසියේ ලොක්කෙකුට කොරෝනා..

බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක වරයෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

කොටුව පොලිස් ස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ ඔහු සේවය කරන කාර්යාලය පිහිටා ඇත.

මේ හේතුවෙන් බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අනෙක් නිලධාරීන්ද කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක්ද නිරෝධානය යොමු කිරීමට කටයුතු කර ඇත.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව සඳහන් කරයි.

The post කොටුව පොලිසියේ ලොක්කෙකුට කොරෝනා.. appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

32 Views