කොග්ගල හෝටලයක නිරෝධායනය වෙමින් සිටි 24කට කොරෝනා

මාධ්‍යවේදියා ::

කොග්ගල හෝටලයක් තුළ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ද ආශ්‍රිතයින් අතුරින් පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

අද (20) ලැබුණු PCR වාර්තවලින් ඒ බව තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා සඳහන් කරයි.

එම කොවිඩ් ආසාදිතයන් අතර පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු කාන්තාවන් 09 දෙනෙකු හා පිරිමි දරුවන් 03 නෙකු සිටින බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කරයි.

(19) දින මෙහි නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 272 දෙනෙකුගේ PCR පරික්ෂණ සිදුකර ඇති අතර ඉන් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ආසාදිත රෝගින් වැඩිදුර ප්‍රථිකාර සදහා රෝහල්වෙත රැගෙන යාමට නියමිතය.

The post කොග්ගල හෝටලයක නිරෝධායනය වෙමින් සිටි 24කට කොරෝනා appeared first on මාධ්‍යවේදියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

36 Views