ඊයේ හමුවූ කොරෝනා ආසාධිතයින් 87 දෙනාගේ සම්පුර්ණ තොරතුරු මෙන්න

ඊයේ දිනයේ හඳුනාගත් නව ආසාධිතයින් 87 දෙනාත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 5625 දක්වා ඉහළ ගියා.

එම ආසාධිතයින් 87 දෙනාම මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අයත් අය වනවා.

ඒ අනුව මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 2162 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරටින් මෙතෙක් වාර්තා වූ ආසාධිතයින් අතරින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 2132 ක් වන අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3440 ක්.

එසේම මෙරට රෝහල්වල සිටින සැක සහිත රෝගීන් ගණන 297 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

28 Views