අපි හොඳක් කළත් නරකක් කළත් සමාජයට කියන්න දේවල් තිබෙනවා – යෝෂිත රාජපක්ෂ

තමන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරේ රාජකාරී ආරම්භ කර තවමත් සතියක කාලයක් වත් නොමැති බවත් තමා වැඩකරන ආකාරය බලා චෝදනා කරන ලෙසත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පැවැසීය.

“2016 දී මම නඩුවකුත් නැතිව වැඩ තහනමක් ලක්වුණා. ඒ අවධියේදී මගේ පියාට මම වැඩකළා. ඒ පුහුණුවත් එක්ක අවුරුදු හතරකට පස්සේ මට නැවතත් රස්සාව ලැබුණා. එතුමා හිතුවා මම එතන සිටිය යුතුයි කියලා.

අපි හොඳක් කළත් නරකක් කළත් සමාජයට කියන්න දේවල් තිබෙනවා. හොඳ දේත් ගන්න පුළුවන් නරක දේත් ගන්න පුළුවන්. සමාජය ඒක තීරණය කරයි.

මම වැඩකරන විදිහ බලලා රටට සේවය කරන විදිහ බලලා මට චෝදනා කරන්න. මම වැඩභාර අරගෙන තව සතියකුත් නෑ. අවුරුද්දකින් මේ දේ අහන්න” යනුවෙන් මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

සාගල රත්නායකගේ පත්වීම ප්‍රශ්ණ නොකර ඇයි මගේ පත්වීම ප්‍රශ්ණ කරන්නේ? – යෝෂිත රාජපක්ෂ

සාගල රත්නායකගේ පත්වීම ප්‍රශ්ණ නොකර, ඇයි මගේ පත්වීම ප්‍රශ්ණ කරන්නේ? – අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂWatch full video – https://youtu.be/RUXy3VDBlm4

Posted by Newshub.lk on Monday, October 19, 2020

The post අපි හොඳක් කළත් නරකක් කළත් සමාජයට කියන්න දේවල් තිබෙනවා – යෝෂිත රාජපක්ෂ appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

27 Views