අප්‍රිකාවේ සිංගප්පූරුව “රුවන්ඩාව”

Google Photo

මධ්‍යම අප්‍රකාවේ කුඩා රටක් වන රුවන්ඩාව මිට දශකයකට පෙර මිනි කන දේශයක් වගේම ටූට්සි හා හුටූ ගෝත්‍රික ගැටුම් නිසා ලක්ෂ  ගණනින් මිනිසුන් මරාගන්නා මිනිස් වාසයට නොසුදුසු රටක් ලෙස සලකණු ලැබීය.

Google Photo

“හුටු”  Hutus, “ටූට්සි” Tutsis, “ත්වා” Twa යන ගෝත්‍ර තුනකින් සමන්විත රුවන්ඩාවේ බහුතරය “හුටු” 85%ය.”ටූට්සි” 14% කුත්  “ත්වා” 01% ක් තරම්ය.

ජනවාර්ගික සිවිල් යුද්ධය 1990 සිට  1994 දක්වා වූ වසර 4ක් තුළ රටේ නැති වුණු ජීවිත ගණන ලක්ෂ 10කට ආසන්නය. නමුත් අද වන විට අප්‍රිකානු කාලාපයේ පිරිසිදුම රටවී ඇති රුවන්ඩාව දවසකට පස් වාතාවක් කිලාලි නගරයේ කානු පිරිසුදු කරන රටක් වී ඇත.

ජර්මන් රජයේ පූර්ණ අනුග්‍රහය මත ජර්මානු නිෂ්පාදනයක් වන වොක්ස්වැගන් මෝටර් රථ එකලස් කිරීමේ කම්හලක් එරට 2018 මාර්තු මාස විවෘත වීමත් සමඟ මිලියන 12ක ජනතාවක් ඉන්න රුවන්ඩාවේ ලක්ෂ පහක ජනතාවක් 2018 වර්ෂයේ තම රටේ එකලස් කරපු වොක්ස්වැගන් වාහන මිලදී ගැනීමට ලියාපදිංචි වී ඇත.

2019 ඔක්තෝබර් 07 වැනිදා කිගාලි නගරයේ අප්‍රිකාවේ පළමු ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තශාලාව ඩොලර් මිලියන 24ක වියදමකින් ආරම්භ කර තිබෙනවා.අද වෙනකොට රුවන්ඩියානු තරුණ තරුණියන් 200කට අධික පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් දිනකට ස්මාට් ෆෝන්ස් 1,200ක් නිෂ්පාදනය කරයි.

ඩ්‍රෝන තාක්ෂණය සාර්ථකව උපයෝගී කර ගන්නා අප්‍රිකානු මහාද්වීපයේ එකම හා ප්‍රථම රට බවට රුවන්ඩාව පත්වී ඇති අතර රටේ ප්‍රධාන  නගරයෙන් ඈත පිහිටි බොහෝ ප්‍රදේශවල ගොවිබිම් සඳහා අවශ්‍ය බීජ බෙදා හැරීම සහ  රටේ ජනතාවට විවිධ සෞඛ්‍ය හේතූන් මත අවශ්‍ය රුධිරය බෙදා හැරීම කරන්නේද  ඩ්‍රෝන මඟින් වීම  සැබවින්ම ආශ්චර්ය දනවන්නකි.

රුවන්ඩාවේ ප්ලාස්ටික් බෑග් තහනම් කර ඇති අතර කිගාලි යනු අප්‍රිකාවේ පිරිසිදුම නගරයයි.ජනතාව  නගරය තුල පොලිතින් බැග් වෙනුවට කඩදාසි බැග් බාවිතා කරයී.සෑම මසකම අනිවාර්ය පිරිසිදු කිරීම සඳහා ප්‍රජා දිනයක් ද තිබේ.

රුවන්ඩාවේ සිදුවන්නේ එරට ජනාධිපති පොල් කගාමේ ( Paul Kagame )

රුවන්ඩාවට කඳු දහසකට වඩා ඇත. ඔවුන් එය කඳු දහසක් සහිත දේශයක් ලෙස හැඳින්වුවද, විවිධ පුද්ගලයින්ගෙන් ඇස්තමේන්තු කර ඇති ගණන් බැලීම්වලට අනුව රුවන්ඩාවේ කඳු 1030 කට වඩා තිබේ.

ඔබ රුවන්ඩාවට ගිය විට, ගෝරිල්ලන් සංරක්ෂණය සඳහා තවත් පරිත්‍යාගයක් කළ යුතු නැත, ඔබ දැනටමත් එසේ කර ඇත.  සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන සෑම රජයේ ආදායමෙන් ප්‍රතිශතයක් ප්‍රජාවට ආපසු ලබා දෙනු ලැබේ. විශේෂයෙන් ඔවුන් ආපසු නොයන බවට වග බලා ගැනීම සඳහා උද්‍යානයෙන් නැවත පදිංචි කර ඇත.

තේ සහ කෝපි යනු රුවන්ඩාවේ හොඳම සහ විශාලතම අපනයනයයි –  රුවන්ඩාවේ කෝපි ටැනින් අඩු නිසා තිත්ත බවින් අඩු බැවින් කිරි හෝ වෙනත් කිසිවක් නොමැතිව රස බැලීමට හැකිය. එවිට ඔබට එහි සුවඳ නිසි ලෙස රස කර රස බැලීමට හැකිය.  රුවන්ඩාවේ විශේෂිත කෝපි ජාත්‍යන්තර සම්මාන දිනාගෙන ඇති අතර එය Starbucks වැනි විශාලතම වෙළඳ නාමයන් විසින් භාවිතා කිරීම පුදුමයක් නොවේ.

දිනකට කාන්තාවන් දසදෙනෙක්  දූෂණයට ලක් වූ රට මේ වෙනකොට ලෝකයේ වැඩිම කාන්තාවන්  නියෝජනය කරන පාර්ලිමේන්තුව තිබෙන රට බවට පත්වී ඇත. ඒය සමස්ත පාර්ලිමේන්තු නියෝජනයෙන් 64% ක් තරම් විශාල අගයකි. එසේම,කැබිනට් මණ්ඩලයේ 52% කාන්තාවන්ය.

මේ මහා ප්‍රාතිහාර්ය රුවන්ඩාවේ සිදුවන්නේ එරට ජනාධිපති පොල් කගාමේ ( Paul Kagame ) නිවැරදි ප්‍රතිපත්ති මත වඩා සුදුසු පුද්ගලයින් අවශ්‍ය තැනට පත්කර ගෙන යන ජනතා හිතවාදී පාලනය  නිසාය.

අනෙකුත් සියලුම අප්‍රිකානු ජාතීන්ට සහ අපේ රටට රුවන්ඩාවෙන් ඉගෙන ගත හැකි  පාඩම් මොනවාදැයි සොයා බැලීම වටී.

දනුෂ්ක බදුගේ facebook පිටුවෙන් උපුටා ගන්නා ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

37 Views