20 විවාදයට දවසකට වැඩිපුර පැය තුනක්

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වෙන බවත්, ඒ සඳහා සාමාන්‍ය පාර්ලිමේන්තු දිනවලට වඩා පැය 3ක් වැඩිපුර විවාද කිරීමට ඉඩ ලබා දී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් පවසයි.

ඔහු මේ බව පැවැසුවේ පොළොන්නරුවේ දී ඊයේ (18දා) පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.

“විසි වැනි සංශෝධනය පිළිබඳවද විවාදයට ලබන 20 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තුව ‍රැස් වෙනවා. ගරු කථානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරනවා. දැනට ගෙන ඇති තීරණය අනුව බදාදා හා බ්‍රහස්පතින්දා සම්පූර්ණ විවාදයක් පැවැත්වෙනවා. වැඩිපුර වේලාව ලබා දීලා. ඒ කියන්නේ බදාදා හා බ්‍රහස්පතින්දා සාමාන්‍යයෙන් උදේ පැයක් වෙන්කර තියෙන වාචික ප්‍රශ්නවලට පිළිතුරු දීම සාමාන්‍යයෙන් කෙරෙන්නේ නෑ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු කටයුතු අවසන් කරන්නේ 4.30ට නමුත් මේ දින දෙකේ සවස 7.00 වෙනතුරු විවාදය පැවැත්වෙනවා. වැඩිපුර පැය 3ක් දීලා විවාදය පවත්වනවා. එතකොට අවසාන ඡන්දය ගන්න පුළුවන් වෙනවා 22 හවස ඒක තමයි පක්ෂ නායකයන් හා පාර්ලිමේන්තුවේ තීරණය. ඒ අනුව කටයුතු කෙරෙනවා.

74 total views, 74 views today

The post 20 විවාදයට දවසකට වැඩිපුර පැය තුනක් appeared first on .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

47 Views