20 වගන්ති තුනක් ඉවත් කර ගනී.. කැබිනට් මණ්ඩලයට ජනපති දන්වයි..

විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන තුනක් සිදු කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කර තිබේ.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල හමුවෙන් පසු ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය.

මහා සංඝරත්නය ඇතුළු සමාජයේ විවිධ කොටස් වලින් ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට යොමු කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ම එම සංශෝධන යෝජනා කළ බවද ඇමතිවරයා පැවසීය.

ඒ අනුව විගණනය සම්බන්ධයෙන් 19 සංශෝධනය තිබූ ආකාරයටම තැබීමටත්, හදිසි පනත් සම්මත කිරීමේ ජාතික ආරක්ෂාවට සහ ජාතික ආපදාවන් යන කාරණාවලට පමණක් සීමා කිරීමටත්, අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කිරීම 19 සංශෝධනය ආකාරයටම පැවැත්වීමටත් ඒ අනුව යෝජනා වූ බව ඔහු කියා සිටියේය.

The post 20 වගන්ති තුනක් ඉවත් කර ගනී.. කැබිනට් මණ්ඩලයට ජනපති දන්වයි.. appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

40 Views