හෙරොයින් සමග බන්ධනාගාර ජේලර්වරයෙකු අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය සමග බන්ධනාගාර ජේලර්වරයෙක් පුත්තලම, විල්ලව වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම පොලිස් ස්ථානයේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින් සිදුකළ වැටලීමක දී අද (19) අලුයම අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී සැකකාර බන්ධනාගාර ජේලර්වරයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 870ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර බන්ධනාගාරයේ සේවය කළ 37 හැවිරිදි දෙවන පෙළ ජේල්වරයෙකු බව වාර්තා වේ.

සැකකරුගේ අනියම් බිරිඳ පුත්තලම ප්‍රදේශයේ සිටින බවත් ඇය හමුවීමට පැමිණෙන අතර තුර හෙරොයින් ඡාවාරම සිදුකර ඇති බවත් පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

The post හෙරොයින් සමග බන්ධනාගාර ජේලර්වරයෙකු අත්අඩංගුවට appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

23 Views