සැමටම එක නීතියක් අවශ්‍යයි.

රටපුරා කොරෝනා උවදුර ව්‍යාප්ත වීම හේතුවෙන් ආණ්ඩුව නව නීති රෙගුලාසි ගෙන විත් ඇති බවත් ඒ රෙගුලාසිවලට අනුව කටයුතු කරන්නේ නම් පාර්ලිමේන්තු සැසිවාර පැවැත්විය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යට ප්‍රකාශයක් කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ කොරෝනා මඩින නීති රෙගුලාසි වලට අනුව ජනතාවට එක් නීතියකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තව නීතියකුත් තිබිය යුතු නැති බවයි.

ජනතාව ජීවත් වීම උදෙසා බරපතල අරගලයක් කරන අතරේ ආණ්ඩුව ඒකාධිපති ව්‍යවස්ථා සංශෝධනයක් උදෙසා සූදානම් වීම බරපතල ඛේදවාචකයක් බව ද බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

44 Views