විස්ස වෙනුවට අලුත් ව්‍යවස්ථාවක

මාධ්‍යවේදියා ::

ආසියානු කලාපයේ මුල්ම ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන ශ්‍රී ලංකාව, වර්ෂ 1931 දී සර්වජන ඡන්ද බලය ලැබූ, සක්‍රිය පක්ෂ ක්‍රමයක් සහිත, විවිධත්වය අගයන රටකි. එහෙත්, යෝජිත 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව විසින් සම්මත කළහොත්, නිදහසින් පසු ලැබූ සියලු ප්‍රගතිශීලී දේශපාලනික ජයග්‍රහණ ආපසු හැරවෙනු ඇත. යෝජිත 20 වන සංශෝධනය අගමැතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ බලතල කප්පාදු කරන අතර අධිකරණයේ ස්වාධීනත්වය අඩපණ කරයි. මෙමගින් විධායකය හොබවන ජනාධිපතිවරයා ඒකාධිපතියකු බවට පත් වීමේ අවකාශය විවර වෙයි. 

යෝජති 20 වන සංශෝධනයේ පවතින දෝෂ සහ අගතීන් ආණ්ඩුවට පක්ෂ මෙන්ම විපක්ෂ විවිධ පාර්ශව විසින් පෙන්වා දී තිබේ. ඒ අතර, බෞද්ධ භික්ෂූන්වහන්සේ ඇතුලු ආගමික නායකයන්, දේශපාලඥයන්, වෘත්තීයවේදී සංගම්, වෘත්තීය සමිති සහ සිවිල් ක්‍රියාධරයන් මූලික වේ. ඔවුන් පෙන්වා දෙන හානිකර තත්ත්වයන් කිහිපයක් මෙසේය:

පාර්ලිමේන්තුව සහ අධිකරණය පාලනය කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට ලැබීමෙන්, ඒකාධිපති පන්නයේ ආණ්ඩුවක් බිහිවීම,
රාජ්‍ය හිමිකාරීත්වය 50%කට වඩා වැඩි සමාගම් රාජ්‍ය විගණනයෙන් ඉවත් කිරීමෙන්,  අසීමිත දූෂණයට සහ දේශපාලන මැදිහත්වීම්වලට ඉඩ විවිර වීම,
ව්‍යවස්ථාසභාව අහෝසි කිරීමෙන්, ජනාධිපතිවරයාට මැතිවරණ කොමිසම ඇතුලු කොමසම්වලට හුදෙක් සිය අභිමතය අනුව සාමාජිකයන් පත් කිරීමේ වරම ලබා දීමෙන් ඒවායේ ස්වාධීනත්වය සෝදාපාලුවට ලක් වීම,
 කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව 30ක් විය යුතුය යන සීමාව ඉවත් කිරීමෙන් ජනාධිපතිවරයාට අති විශාල කැබිනම් පත්වීම් සංඛ්‍යාවක් තම දේශපාලන මිතුරන්ට ලබා දීමේ හැකියාව,
 ගැසට් කිරීමෙන් තොරව දින තුනක් ඇතුළත හදිසි පනත් සම්මත කිරීමේ හැකියාව මගින් මර්ධනකාරී පනත් ඒමේ හැකියාව, 
යෝජිත පනත් කෙටුම්පත් පිළිබඳව ජනතාවට අදහස් දැක්වීමට ඇති කාලය දින 7 දක්වා අඩු කිරීමෙන් ඒවායේ නෛතිකභාවය පරීක්ෂා කිරීමේ ඉඩකඩ සීමා වීම,
වෙනත් රටක පුරවැසිභාවය හිමි පුද්ගයන්ට ශ්‍රී ලංකාවේ ජනාධිපති තනතුරට හෝ පාර්ලිමේන්තුවට පත් වීිමට ඉඩකඩ විවිර කිරීම. 
මෙම ජනතා පෙත්සම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ආණ්ඩුපක්ෂයේ පක්ෂ නායකයන් සහ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්න් වෙත පහත ඉල්ලීම් ඉදිරිපත් කරමු:

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යාම වහා නවතා දමන්න.
ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලද මැතිවරණ ප්‍රකාශනයේ දක්වා ඇති පරිදි, පුලුල් ජනතා අදහස් විමසීමකින් අනතුරුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම මගින්, සෑම ශ්‍රී ලාංකිකයකුගේම අභිලාෂ නියෝජනය වන දේශපාලන පරිසරයක් නිර්මාණය කරන්න.

ඔබෙ සහය මෙයින් පලකරන්න

The post විස්ස වෙනුවට අලුත් ව්‍යවස්ථාවක appeared first on මාධ්‍යවේදියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

31 Views