ලක්ෂ 15 ක මුහුදු කූඩෑල්ලන් 335 ක් පුදුකුඩිරිප්පු ප්‍රදේශයෙන් සොයාගනියි

මන්නාරම, පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ සඟවා තිබූ රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්රැම් 335 ක් ඊයේ(18) සවස සොයාගත් බව මන්නාරම පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ ජාවාරම් සඳහා ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ මුහුදු කූඩැල්ලන් තොගයක් සම්බන්ධයෙන් මන්නාරම රාජ්‍ය බුද්ධි නිලධාරීන් වෙත ලද තොරතුරක් මත මන්නාරම පොලිසිය සිදුකළ වැටලීමකදී මන්නාරම , පුදුකුඩිරිප්පු දුම්රිය මාර්ගය අසළ කැළෑ ප්‍රදේශයක සඟවා තිබූ මුහුදු කූඩැල්ලන් තොගය සොයාගත් බවයි.

වැටලීම සිදුකරන අවස්ථාවේ මුහුදු කූඩැල්ලන් මෙරටට රැගෙන පැමිණි ජාවාරම්කරුවන් පලාගොස් සිටි බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් මුහුදු කූඩැල්ලන් තොගය පොලිතින් උර හයක් තුළ අසුරා තිබූ බවද සොයාගත් මුහුදු කූඩැල්ලන් තොගය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(වවුනියාව – මාධව කුලසූරිය)

The post ලක්ෂ 15 ක මුහුදු කූඩෑල්ලන් 335 ක් පුදුකුඩිරිප්පු ප්‍රදේශයෙන් සොයාගනියි appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

32 Views