යෝෂිතට තනතුර දෙද්දි ඉස්සෙල්ලම සුභපතන්නේ චීන තානාපති කාර්‍යාලය

යෝෂිත රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුර ලබා දෙන විට ප්‍රථමව සුභ පැතුම් එක් කරන ලද්දේ චීන තානාපති කාර්‍යාලය බව හරින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ මහතා මේ අදහස් පළ කරන ලද්දේ කොළඹදී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මේ රට චීනයට විකුණා තිබේද යන්න පිළිබඳව මෙම කරුණු ඇසුරෙන් ජනතාව තීරණය කළ යුතු බවත් ලංකාව චීනයට විකුණා චීන බස මෙරට භාෂාව බවට පත් කර නඩු පැවරීමට නොහැකි බවට පත් කිරීමට සැරසෙන බවට සැක පල වන බවත් ඒ මහතා පවසනවා.

“අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා මේවට කැමතිද, නැත්තන් කැමතියි වගේ පෙන්නනනවද මම දන්නෙ නෑ. 18 ගෙනල්ලා ඔබතුමා ගෙදර ගියා. මම අද කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙදර යන්න 20 හේතු වෙනවා. මහින්ද මහත්තයා 18 ගෙනල්ලා මෙච්චර දෙයක් බලා පොරොත්තු උනේ නෑ. එතුමා හැදුවෙ 3 වෙනි පාරටත් ජනාධිපති වෙන්න. හැබැයි එතුමා ජනතාවට වගකියන ජනාධිපතිවරයෙක් වෙන්නයි හැදුවේ. ඒත් මේක ඊට ඔබ්බට ගිය විනාශයක්. ස’ට තියෙන්නේ මාධ්‍ය ආයතන කීපයක් එකතු කරගෙන ගහන ගේමක් විතරයි” යැයි ඒ මහතා පවසයි.

The post යෝෂිතට තනතුර දෙද්දි ඉස්සෙල්ලම සුභපතන්නේ චීන තානාපති කාර්‍යාලය appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

37 Views