මන්ත්‍රීවරුන්ට එක නීතියකුත්,ජනතාවට තව නීතියකුත් එපා – විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රකාශයක්

මාධ්‍යවේදියා ::

රට පුරා කොරෝනා උවදුර ව්‍යාප්ත වීම හේතුවෙන් ආණ්ඩුව නව නීති රෙගුලාසි ගෙනවිත් ඇති බවත් ,ඒ රෙගුලාසිවලට අනුව කටයුතු කරන්නේනම් පාර්ලිමේන්තු සැසිවාර පැවැත්විය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය. පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී මාධ්‍යට ප්‍රකාශයක් කරමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ කොරෝනා මඩින නීති රෙගුලාසිවලට අනුව ජනතාවට එක් නීතියකුත්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තව නීතියකුත් තිබියයුතු නැති බව ඒ මහතා කීය. ජනතාව ජීවත් වීම උදෙසා බරපතල අරගලයක් කරන අතරේ ආණ්ඩුව ඒකාධිපති ව්‍යවස්ථා සංශෝධනයක් උදෙසා සූදානම් වීම බරපතල ඛේදවාචකයක් බවද ඒ මහතා කීය.

The post මන්ත්‍රීවරුන්ට එක නීතියකුත්,ජනතාවට තව නීතියකුත් එපා – විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රකාශයක් appeared first on මාධ්‍යවේදියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

28 Views