මතුගම උසස් පෙළ විභාග ශාලාධිපතිනියකට කොරෝනා – 8 ක් නිරෝධායනයට

මතුගම සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විදුහලේ උසස් පෙළ විභාග ශාලාවක සහකාර ශාලාධිපතිනියකට කොවිඩ් වයිරසය ආසාදිත බව තහවුරු වීම නිසා ශාලාධිපති ඇතුළු අට දෙනෙක් නිරෝධායනයට ලක් කළ බව මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලාල් දිසානායක මහතා ඊයේ (18) පැවසීය.

ඒ අනුව තමන් පෙනී සිටි විභාග මධ්‍යස්ථානවලම වෙනම පරිශ්‍ර ඔවුන් සඳහා වෙන්කර ඇති බවත් වෙනම විභාග කාර්ය මණ්ඩලයක් එම ශාලාව සඳහා යොදවා ඇති බවත් පාසල් පරිශ්‍රයම විෂබීජහරණයට ලක් කර විභාගය පැවැත්වීම සඳහා සියලු පියවර ගෙන ඇති බවත් කලාප අධ්‍යක්ෂවරයා කීවේය.

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඕවිටිගල , බදුගම සහ බදුගම නව ජනපදය යන ග්‍රාම නිලධාරී වසම් තුළ කොරොනා රෝගීන් වාර්තාවීම ඉහළයාම හේතුවෙන් ඊයේ (18) පස්වරුවේ සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ බවට පත් කෙරිණි.

ඒ අනුව අදාළ ප්‍රදේශ හරහා මතුගම විභාග මධයස්ථානවලට පැමිණෙන සිසුන් සඳහා පහසුකම් සකස් කර ඇති බව ලාල් දිසානායක මහතා සඳහන් කළා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

41 Views