බොරැල්ල ළමා රෝහලේ දරුවෙකුට සහ මවට කොරෝනා

බොරැල්ල ළමා රෝහලේ ප්‍රතිකාර ලැබීම සඳහා වයස අවුරුදු 2යි මාස 06ක් වයසැති දරුවෙකුට සහ එම මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මෙම දරුවා සහ මව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරිය මහතා සඳහන් කරන්නේ.

මෙම දරුවා සහ මවගේ ඇතිව තිබු රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සැක සිති රෝහල් කාර්ය මණ්ඩලය ඔවුන්ව වෙන් කොට තබා තිබු බවත් සිදුකළ PCR පරීක්ෂණයකින් ඔවුන් දෙදෙනාටම කොරෝනා වෛරසය ආසාසනය වී ඇති බවට තහවුරු වී ඇත.

මේ හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය ආසාදිතයින්ට නිරාවරණය වීමක් සිදුවී නොමැති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා පවසන්නේ.

The post බොරැල්ල ළමා රෝහලේ දරුවෙකුට සහ මවට කොරෝනා appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 Views