බදියුදීන් සගවාගෙන සිටියා යැයි චෝදනා කරමින්, වෛද්‍යවරයෙකු සහ ඔහුගේ බිරිද අත් අඩංගුවට ගනී.

බදියුදීන් සගවාගෙන සිටියා යැයි චෝදනා කරමින්,
වෛද්‍යවරයෙකු සහ ඔහුගේ බිරිද අත් අඩංගුවට ගනී.

අද හිමිදිරි පාන්දර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින්, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් අත් අඩංගුවට ගත්තේ ය.

හිටපු අමාත්‍යවරයා අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නියෝග කර තිබුණේ පසුගිය 13 වන දා ය.

අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග ලබා සිටි රිෂාද් බදියුදීන් සැගවී සිටි දෙහිවල නිවස හිමි වෛද්‍යවරයා සහ ඔහුගේ බිරිද ද රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් අත් අඩංගුවට ගෙන ඇත්තේ, අත් අඩංගුවට ගැනීම සදහා නියෝග ලබා සිටි පුද්ගලයෙකු සගවා තබා ගැනීමේ වරදට යි.

කෙසේ වෙතත්, ඊයේ දිනයේ දී, රිෂාද් බදියුදීන් රහස් පොලිසිය මග හැරීම පිළිබදව මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ, තමන් විසින් ද, අත් අඩංගුවට ගැනීම සදහා නියෝග ලබා සිටි මදුමාධව අරවින්ද දින තිස් පහක කාලයක් සගවාගෙන සිටි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

39 Views