බදියුදීන්ට සැඟව සිටීමට සහය දුන් 7 දෙනෙකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන්ට රැකවරණය දුන් හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කරයි.

ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කෙරෙනු ඇති අතර සැකකාරියන් දෙදෙනෙකු ද මෙම පිරිස අතර වේ.

හිටපු අමාත්‍යවරයාට රැකවරණය දුන් තවත් කිහිපදෙනෙකු ඉදිරියේදී අත් අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බව අද (19) කොළඹ පැවති පොලිස් මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

32 Views