බංග්ලාදේශය ස්ත්‍රී දූෂණයට මරණ දණ්ඩනය නියම කරයි.

ස්ත්‍රී දූෂණයට එරෙහිව නොඛාලි ප්‍රදේශයේදී පැවති විරෝධතාවයක් (teleSUR photo)

මීට පෙර,ස්ත්‍රී  දුෂකයින්ට බංග්ලාදේශයේ තිබු උපරිම දඩුවම වුයේ ජීවිතාන්තය දක්වා සිර දඩුවමක්වූ  නමුත් උද්ඝෝෂණයට සම්බන්ධව සිටි අය කියා සිටියේ අපයෝජකයින් කිහිප දෙනෙකුට මරණ දඩුවම  නොලැබීම නිසා මෙය ස්ත්‍රී දූෂණය වැලක්වීමට  ප්‍රමාණවත් නොවන බවයි.

සමූහ දූෂණ සහ පහරදීම් පිළිබඳ සමාජ නොසන්සුන්තාවයකින් පසුව බංග්ලාදේශයේ ලිංගික අපරාධකරුවන්ට මරණීය දණ්ඩනය නියම වනු ඇත.

ස්ත්‍රී දූෂණ චෝදනාවට වරදකරු වූ ඕනෑම කෙනෙකුට මරණ දඩුවම  හෝ ජීවිතාන්තය දක්වා “දැඩි සිර දඩුවමක් ” ලබා දෙන බව කාන්තා හා ළමා අපයෝජන මර්ධනය සහ වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පතේ සඳහන් වේ. බංග්ලාදේශයේ  දකුණු ගම්මානයක  නොඛාලි ප්‍රදේශයේදී කාන්තාවක් ලිංගික අතවරයට ලක්වූ බවට වීඩියෝවක් වෛරස් මෙන් පැතිර යාමත් සමග රජය මෙම තීරණයට පැමිණ ඇත.

(teleSUR ,com)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

48 Views