පිල්ලයාන්ට එරෙහි නඩු විභාගය කල් යයි

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා පාර්ලිමෙන්තු මන්ත්‍රී දෙමළ ජනතා විමුක්ති පක්ෂයේ නායක සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ට එරෙහිව ඇති නඩු විභාගයක් ලබන නොවැම්බර් මස දක්වා කල් දැමීමට අධිකරණය අද (19) තීන්දු කළා.

ඒ කොරෝනා වසංගත තත්වය හේතුවෙන් නීතිපති දෙපාර්තමෙන්තුවේ නිතිඥවරුන් නඩු විභාගයට සහභාගි නොවීම හේතුවෙන්.

දෙමළ ජාතික සංධානයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතන නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින පිල්ලෙයාන්ට එරෙහි නඩු විභාගය අද පැවෙත්වුණේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ.

මහාධ්කරණ විනිසුරු ඩි.සුෂයිදාසන් මහතා විසින් ලබන නොවැම්බර් 2 ,10 16 යන දින දක්වා නඩුව කල් දමන ලදි

දෙමළ ජාතික සංධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් මහතා 2005 වසරේ දෙසැම්බර් 25 වනදින මඩකලපුව ශාන්ත මරියා දේවාලයේදී ඝාතනය කිරීමේ සිද්ධ්යට සම්බන්ධව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර සිවනේසතුරයි, හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රදීප් මාස්ටර් නොහොත් එඩ්වින් සිල්වා, කිරුසාන්තන් රාජා, කජ්න් මාමා නොහොත් කනනායයගම්, හමුදා බුද්ධ් අංශ නිලධාරි එම්.කලීල්, හිටපු හමුදා සෙබල මදුසංක විනෝත් යන පිරිස 2015 වසරේදී සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

The post පිල්ලයාන්ට එරෙහි නඩු විභාගය කල් යයි appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

21 Views