පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක සේවකයින් 04 දෙනෙකුට කොරෝනා

මාධ්‍යවේදියා ::

කොළඹ, පිටකොටුව 4 වන හරස් විදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවකයින් සිව්දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට සිදුකළ  PCR පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.

කොළඹ නගර සභාවේ වසංගත රෝග ඒකකයේ වෛද්‍ය දිනුකා ගුරුගේ සඳහන් කළේ මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව හරහා ඇතිවූ කොරෝනා ව්‍යාප්තියට සම්බන්ධ ආශ්‍රිතයෙක් එහි සිටීම නිසා එම ව්‍යාපාරික ස්ථානයේ සිදුකළ  PCR පරීක්ෂණයකින් මෙම ආසාදිතයින් 04 දෙනා වාර්තා වූ බවයි.

මේ වන විට එම ව්‍යාපාරික ස්ථානයේ සිටි සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රීතයින් 35 දෙනෙකු පමණ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බව වෛද්‍ය දිනුකා ගුරුගේ පවසයි.

The post පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක සේවකයින් 04 දෙනෙකුට කොරෝනා appeared first on මාධ්‍යවේදියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

22 Views