පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක සේවකයින් 4 දෙනෙකුට කොරෝනා : 35ක් නිරෝධායනයට

කොළඹ, පිටකොටුව 4 වන හරස් විදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවකයින් සිව්දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරුවී ඇති බවට ‘Neth News‘ වාර්තා කරනවා.

කොළඹ නගර සභාවේ වසංගත රෝග ඒකකයේ වෛද්‍ය දිනුකා ගුරුගේ සඳහන් කරන්නේ මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව හරහා ඇතිවූ කොරෝනා ව්‍යාප්තියට සම්බන්ධ ආශ්‍රිතයෙක් එහි සිටීම නිසා එම ව්‍යාපාරික ස්ථානයේ සිදුකළ PCR පරීක්ෂණයකින් මෙම ආසාදිතයින් 04 දෙනා වාර්තා වූ බවයි.

මේ වන විට එම ව්‍යාපාරික ස්ථානයේ සිටි සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රීතයින් 35 දෙනෙකු පමණ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බවයි වෛද්‍ය දිනුකා ගුරුගේ සඳහන් කරන්නේ.

පෙරේදා දිනයේදී මෙම PCR පරීක්ෂණ සිදුකොට ඇති බවයි වෛද්‍ය දිනුකා ගුරුගේ වැඩිදුරටත් පවසන්නේ.

The post පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක සේවකයින් 4 දෙනෙකුට කොරෝනා : 35ක් නිරෝධායනයට appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

36 Views