නීති විරෝධීව මෙරට රැඳී සිටිමින් සූදු ක්‍රීඩාවේ නිරතවූ චීන ජාතිකයන් 5ක් අත්අඩංගුවට

කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරතවූ චීන ජාතිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ලුපිටිය පොලීසිය ඊයේ(18) සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් පිරිස අතර, නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි චීන ජාතිකයෙකුද වන බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් වටලා චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු තුන්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

The post නීති විරෝධීව මෙරට රැඳී සිටිමින් සූදු ක්‍රීඩාවේ නිරතවූ චීන ජාතිකයන් 5ක් අත්අඩංගුවට appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

31 Views