දෙමළ ජනතාවට විස්සෙන් කිසිදු හානියක් සිදුවන්නේ නෑ

විසිවන ව්‍යවස්ථා සංශෝධනය මගින් දෙමළ ජනතාවට කිසිදු හානියක් සිදුනොවන බවත්, වත්මන් රජය දකුණේ ජනතාවගේ ඡන්දයේ බලයෙන් පත්වුවත් මුළු රටේම ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට ක්‍රියා කරන බවත් ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මෙරට කැනඩා තානාපතිවරයාට පවසා තිබේ.

කැනඩාවේ තානාපති ඩේවිඩ් මැකීගන් හා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා අතර පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙසේ පවසා තිබේ.

එහිදී ඇමැති ඩග්ලස් දේවානන්දා තානාපතිවරයාට පවසා ඇත්තේ ශ්‍රී ලංකා රජයෙන් ජනතාවට ලබාදුන් පොරොන්දු අනුව 20 වන සංශෝධනය ඉදිරිපත් කර ඇති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවලට අනුව නව සංශෝධන එක් කිරීමට අවශ්‍යතා ඇතොත් එම සංශෝධන එක් කර සම්මත කරගත හැකි බවද ඒ මහතා පවසා තිබේ.

ධීවර කාර්මිකයන් නෙළාගන්නා අස්වැන්න පසු අස්වනු තාක්ෂණයේදී විශාල වශයෙන් විනාශ වන බවත්, ඒ සඳහා කැනඩා රජයේ අත්දැකීම් හා තාක්ෂණය ලබාදී එම තත්ත්වය අවම කරගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත් ඇමැතිවරයා කැනඩා තානාපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

78 total views, 78 views today

The post දෙමළ ජනතාවට විස්සෙන් කිසිදු හානියක් සිදුවන්නේ නෑ appeared first on .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

30 Views