දිනපතා දුම්රියෙන් සේවයට පැමිණි කොළඹ නැව් තටාංගන සේවකයෙකුට කොරෝනා

ගාල්ල, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි කොළඹ නැව් තටාංගනයේ සේවය කරණ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු ඔහු අද (19) දිවුලපිටිය රෝහල වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි පවසනවා.

මෙකි පුද්ගලයා කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් වන අතර ඔහු දිනපතා අම්බලන්ගොඩ සිට කොළඹ බලා සාගරිකා දුම්රියෙන් ගමන් කරන අයෙකු බවයි ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසන්නේ.

මෙම පුද්ගලයා ඉකුත් 16 වෙනිදා රාත්‍රියේ දී නිවසට පැමිණ ඇති අතර පසුව ඊයේ (18) උදැසන PCR පරික්ෂණය සදහා ජෛව සාම්පල් ඇල්පිටිය රෝහලට ලබාදි ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සඳහන් කළේ.

අද දින එම පි. සි.ආර් පරික්ෂණ වාර්තාව ලැබුණු බවත්, ඒ අනුව මොහුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සඳහන් කළේ. ඒ අනුව මෙකි සේවකයාගේ බිරිද, දරුවන් දෙදෙනා හා මොවුන් පදිංචි යාබද නිවසේ පදිංචි මව සහ පියා නිරෝධායනයට ලක්කොට ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි වැඩිදුරටත් සදහන් කළේ.

The post දිනපතා දුම්රියෙන් සේවයට පැමිණි කොළඹ නැව් තටාංගන සේවකයෙකුට කොරෝනා appeared first on NewsWire Sinhala.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

33 Views