දිනපතා දුම්රියෙන් සේවයට පැමිණි කොළඹ නැව් තටාංගන සේවකයෙකුට කොරෝනා

මාධ්‍යවේදියා ::

ගාල්ල, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි කොළඹ නැව් තටාංගනයේ සේවය කරණ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහු අද (19) දිවුලපිටිය රෝහල වෙත පිටත්කර යැවීමට කටයුතු කළ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි පවසයි.

මෙකී පුද්ගලයා කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් වන අතර ඔහු දිනපතා අම්බලන්ගොඩ සිට කොළඹ බලා සාගරිකා දුම්රියෙන් ගමන් කරන අයෙකු බව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා කියා සිටියේය.

මෙම පුද්ගලයා ඉකුත් 16 වෙනිදා රාත්‍රියේදී නිවසට පැමිණ ඇති අතර පසුව ඊයේ (18) උදැසන  PCR පරීක්ෂණය සදහා ජෛව සාම්පල් ඇල්පිටිය රෝහලට ලබා දී ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සඳහන් කරයි.

අද එම  PCR පරීක්ෂණ වාර්තාව ලැබුණු බවත් ඒ අනුව මොහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතයි තහවුරු වූ බවත් වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසයි. ඒ අනුව මෙකී සේවකයාගේ බිරිද, දරුවන් දෙදෙනා හා මොවුන් පදිංචි යාබද නිවසේ පදිංචි මව සහ පියා නිරෝධායනයට ලක්කොට ඇත.

The post දිනපතා දුම්රියෙන් සේවයට පැමිණි කොළඹ නැව් තටාංගන සේවකයෙකුට කොරෝනා appeared first on මාධ්‍යවේදියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

43 Views