තවත් MAS සේවකයින් කිහිපදෙනෙකුටම කොරෝනා

තම ආයතනයේ සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව MAS Holdings ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

නිට්ටඹුව පිහිටි MAS ඇගළුම් කර්මාන්තශාලාවේ සේවකයෙකුට පසුගියදා කොරෝනා වෛරසය ආසාදනය වී තිබු අතර ඔහු ඇසුරු කළ පුද්ගලයින් ස්වයං නිරෝධනයට ලක් කර ඇති අතර PCR පරීක්ෂණ ද සිදු කර ඇති බව සඳහන්.

එම PCR පරීක්ෂණ වාර්තා මඟින් මෙම ආසාදිතයින් පිරිස හඳුනා ගෙන තිබෙනවා.

මේ වන විට ඔවුන් ප්‍රතිකාර සඳහා රජයේ රෝහල්වලට ඇතුළත් කර ඇති බව ද එම නිවේදනය මඟින් ඔවුන් පවසනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

41 Views