ජනාධිපති ස්වාධීන, අපක්ෂපාතී, ජාතික සමගියේ සංකේතය විය යුතුය

ආචාර්ය නිහාල් ජයවික්‍රම

Daily Mirror Photo
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය  දීර්ඝ  කාලයක් තිස්සේ ආණ්ඩුවට ගැතිව කටයුතු කල  කණ්ඩායම්  වල  අය ඇතුළුව  විවිධ අංශවලින් දැඩි විවේචන එල්ලවෙමින් පවතියි.එය බලාත්මක කිරීමට එරෙහිව පෙත්සම් 39 ක් ගොනු කර ඇති අතර ඒවා ශ්‍රේෂ්ටාධිකරනය  විසින් විභාගයට ගත් අතර නඩු විභාගය ඔක්තෝබර් 5 වන දිනෙන් අවසන් විය. ශ්‍රේෂ්ටාධිකරණයේ තීන්දුව තව දින හතරකින් (ඔක් 20)කථානායකවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කරන විට මහජන අදහස් ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කරන ලද නමුත් මේ කාලය වන විට සියල්ල සිදුවෙමින් පවතින්නේ කඩිමුඩියේය. ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීම සහ ජනාධිපතිට මුක්තිය ලබා දීම ප්‍රධාන කරුණු අතරවේ.

කොමිසමක් සහ එහි සාමාජිකයන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවහොත් එය ජනාධිපතිවරයා විසින් ඉවත් කළ හැකි නම් එය ස්වාධීන වන්නේ කෙසේද? ඩේලි මිරර් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී කීර්තිමත් නීතිවේදී සහ අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය නිහාල් ජයවික්‍රම මහතා ප්‍රශ්න කරයි.

සාම්ප්‍රදායික පාලන ක්‍රම තුල රජුට හෝ රැජිනියට මුක්තිය ලබා දී ඇත. එහෙත් වර්තමාන ශිෂ්ටාචාර සමාජයේ  ජනරජයක එවැනි සංකල්පයක් නොමැත. ජනරජයක සෑම රාජ්‍ය සේවකයෙකු සහ ප්‍රධානියෙකුම ජනතාවට වග කිව යුතු අතර, එම වගවීම ව්‍යවස්ථාදායකය සහ අධිකරණය හරහා සුරක්ෂිත වේ. රාජ්‍ය නායකයා ඇතුළු රාජ්‍ය ක්‍රියාකාරිකයෙකුගේ සෑම නිල හා පෞද්ගලික ක්‍රියාවක්ම අධිකරණයේ පරීක්ෂාවට භාජනය වේ.

සැබවින්ම  19 සංශෝධනය  රාජ්‍යය දුර්වල කළේ නැත. එය ප්‍රජාතන්ත්‍රවාදය යථා තත්වයට පත් කිරීම, වගවීම ස්ථාපිත කිරීම සහ රාජ්‍යයේ යහපැවැත්මට  අත්‍යවශ්‍ය වන ආයතනවල ස්වාධීනත්වය ශක්තිමත් කළේය ආචාර්ය නිහාල් ජයවික්‍රම මහතා තවදුරටත් පැවසිය.

2020 ඔක්; 16 දින ඩේලි මිරර් ආචාර්ය නිහාල් ජයවික්‍රම සමඟ කමන්ති වික්‍රමසිංහ පැවැත්වූ  සම්මුඛ සාකච්ඡාව උපුටාගෙන සිංහලට පරිවර්තනය කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

51 Views