ජනාධිපති , අලි සබ්රි පොහොට්ටු කණ්ඩායම් නායක රැස්වීම මග හරිති !

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වීමට නියමිතව තිබු ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමට ජනාධිපතිතුමා සහ අධිකරණ ඇමති අලි සබ්රි මහතා යන දෙදෙනා ම සහභාගී නොවූ බව වාර්තා වෙයි.

මේ නිසා ජනාධිපති මන්දිරයේ යොදාගෙන තිබු රැස්වීම අරලිය ගහ මැදුරේ දී පවත්වා ඇත්තේ අගමැති මහින්ද රාජපහ්ෂ මහතාගේ නායකත්වයෙනි.

එහි දී විමල් වීරවංශ , වාසුදේව නානායක්කාර මහත්වරුන් 20 සංශෝධනය පිළිබඳව විවේචනාත්මකව කතා කොට ඇත.

කෙසේ වෙතත් , ජනාධිපතිතුමා සහභාගී නොවීම නිසා කිසිදු තීරණයක් නොගෙන රැස්වීම අවසන් කොට තිබේ.

The post ජනාධිපති , අලි සබ්රි පොහොට්ටු කණ්ඩායම් නායක රැස්වීම මග හරිති ! appeared first on Online sinhala news site in sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

31 Views