ජනාධිපතිට විධායක බලතල දීමෙන් රට ගොඩ යයිද ?

මාධ්‍යවේදියා ::

රොබර්ට් ගේබ්‍රියල් මුගාබේ 1980 සිට 2017 දක්වා විධායක බලතල ඇතිව සිම්බාබ්වේ රාජ්‍යය පාලනය කළේය .

1980 සිට 1987 දක්වා රොබට් මුගාබේ එරට විධායක බලතල හිමි අගමැති වූ අතර 1987 සිට 2017 දක්වා විධායක ජනාධිපති ලෙස රට පාලනය කළේය ඒ අනුව ඔහු එරට පාලනය කළ කාලය අවුරුදු 37 කි

රජෙකුට මෙන් බලතල තිබුණු ඔහුගේ පාලන කාලය තුලදී ආර්ථිකය කඩා වැටුනේය.
විරැකියාව තුන් ගුණයකින් ඉහල ගියේය.
1998 වන විට 50% කට රැකියා තිබුනේ නැත .
එබැවින් පුහුණු ශ්‍රමිකයෝ 40 ලක්ෂයක් රට හැර ගියහ .

ආර්ථිකය කඩ වැටෙන විට මිනිසුන් ඔහුට විරුද්ධව උද්ඝෝෂණ සහ වැඩවර්ජන කිරීමට පෙළඹුනහ තමා රටවැසියාගේ අප්‍රසාදයට ලක්වන විට මිනිසුන්ගේ අවධානය වෙනස් කිරීම සඳහා ආර්ථිකය කඩා වැටුණේ විශාල ගොවිපොළවල් හිමි සුදු ජාතිකයන් ගේ කඩා කප්පල් කිරීම් නිසා බව කියමින් එම ගොවිපොළවල් සහ ඔවුන්ගේ ඉඩකඩම් අල්ලාගැනීමට තම පාක්ෂිකයන් පොළඹවනු ලැබිණ. සුද්දන් ඇතැම් විටෙක මරා දමමින්ද පහර දෙමින්ද ,අතපය කඩා දමින්ද , ඔවුන්ගේ දේපොළ ගිනි තබමින්ද මුගාබේගේ පාක්ෂිකයෝ සුදු ජාතිකයන්ගේ ඉඩකඩම් ගොවිපොලවල බලහත්කාරයෙන් අල්ලාගත්හ. පොලිසියද ඊට සහය දුන්හ .

සුද්දන්ගේ දේපල අල්ලාගැනීමේ ප්‍රතිඵලය වුයේ එරට ඉරිඟු නිෂ්පාදනය 25% දක්වා කඩා වැටීමය .

ඉඩම් අල්ලා ගැනීම නීති විරෝධී බව උසාවිය තීන්දු කල විට මුගාබේ කළේ අගවිනිසුරුව ගෙදර යවා අධිකරණයට තම හෙන්චය්යන් පත් කොට එය නිත්‍යානුකුල බව ප්‍රකාශ කරවා ගැනීමය

2007 වසර වන විට ලෝකයේ ඉහලම උද්ධමනය එරටින් වාර්තා විය එය 7600% ක් විය
2008 වසර වන විට උද්ධමනය සියයට ලක්ෂයක් ( 100,000%) දක්වා ඉහල නැග්ගේය .
මේ වන විට විරැකියාව 80% ඉක්මවා ගොස් තිබිණ ළමුන්ට ඉගැන්වීමටවත් දෙමාපියන්ට වත්කමක් නොතිබුණෙන් පාසල් ගියේ ළමුන්ගෙන 20% ක් පමණි .
මැතිවරණවලදී විපක්ෂ අපේක්ෂකයන් ට පහර දෙමින් රැස්වීම් කඩා කප්පල් කර හොර චන්ද පවත්වමින් සිය පාලන කාලය තව දුරටත් දිගු කර ගත්තේය

2017 දී සිම්බාබ්වේ ජනාධිපතිගේ ඒකාධිපති පාලනයට එරෙහිව මහජනයා වීදි වලට බැස නොකඩවා උද්ඝෝෂණය කල අතර ඔහුගේම පක්ෂය ඔහු නෙරපා හැරියේය .එහෙත් ඔහු බලය අත් හැරීමට සුදානම් වුයේ නැත .

අවසානයේදී එරට හමුදාව මැදිහත්වී රොබට් මුගාබේට විශ්‍රාම ගන්න ලෙස කියා සිටියේය එහෙත් මුගාබේ ඊට එකඟ වුයේ නැත ඉන්පසු එරට පාර්ලිමේන්තුව සහ සෙනෙට් සභාව එක්ව රැස්වී මුගාබේට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරනු ලැබුවේය

දෝෂාභියෝගය 2/3 චන්දයෙන් සම්මත වෙන බව වටහා ගත් මුගාබේ එය සම්මත වීමට පෙර ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස්විය .

ඒකාධිපති බලතල තිබීම රටක් ගොඩ ගැනීමට නොව රට වලපල්ලට යැවීමට හේතුවන බව සිම්බාබ්වේ රාජ්‍යය ලෝකයට දුන් පණිවිඩයයි.

The post ජනාධිපතිට විධායක බලතල දීමෙන් රට ගොඩ යයිද ? appeared first on මාධ්‍යවේදියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

36 Views