කොළඹ මහ නගර සභාවෙන් සහ කළුතර රෝහලෙන් කොරෝනා ආසාදිතයින්

කොළඹ මහ නගර සභාවේ සේවයේ නියුතු පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් තහවුරු කර ඇති බව සඳහන්. 

එසේම කළුතර රෝහලේ හෙද නිලධාරිනියකට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන තිබෙනවා. ඇය පොදු ප්‍රවාහන සේවා ද භාවිතා කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙම ආසාදිතයින්ගේ සමිපතමයින් සොයා ඔවුන්ව නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවය් සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

31 Views